Thursday, August 13, 2020

Advertising - 0773953664 | General line - 0115112241

වැලිකඩ බන්ධනාගාර රෝහල් කාර්ය මණ්ඩලය පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කෙරේ

916Views


 



වැලිකඩ බන්ධනාගාර රෝහලේ සහාය සේවා සදහා යොදවා සිටි රැදවියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහලේ සියළු රෝගීන් සහ කාර්ය මණ්ඩලය පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමු කිරීම අද පෙරවරුවේ ආරම්භ වුණා. 

එම රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය එම පරීක්‍ෂණ සිදුකරන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. එහි නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 175 කට ආසන්න වනවා. රෝහලේ කාර්ය මණ්ඩලයේ 25 දෙනෙකුගේ පමණ ද පී සී ආර් පරීක්‍ෂණ සිදු කිරීමට නියමිතයි.

වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත රැදවියා නේවාසික රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුගේ හිස කෙස් සහ රැවුල කැපීමද ඉකුත් දිනවල සිදුකර ඇති බවයි වාර්තා වුණේ. 

මීට පෙරද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වී පසුව වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ රැදවියෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ආරම්භ වූයේ ඉන් අනතුරුවයි.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here