Saturday, April 20, 2024

General line - 0115112241

පොලිස් පරීක්ෂක රංගජිවට එරෙහි පරික්ෂණයක් පවත්වන්න : රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් පොලිස්පතිගෙන් ඉල්ලයි




අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ දී මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අපක්ෂපාතී කඩිනම් පරීක්ෂණයක් සිදුකරන මෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව ඉල්ලීමක් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් පවසා ඇත්තේ රජයේ නිල මාධ්‍යවේදී හැඳුනුම්පත නිකුත් කරන බලධාරියා වශයෙන් තමා මෙම ඉල්ලීම සිදුකරන බවයි.

ඊයේ (10) අලුත්කඩේ උසාවි සංකීර්ණ පරිශ්‍රයේ දී වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් මාධ්‍යවේදියෙකුගේ වෘත්තීය කටයුතුවලට බාධා කරන අයුරු මෙන්ම ඔහුට ශාරීරිකව ද බලපෑම් කරන අයුරු වාර්තා විය.