Friday, March 29, 2024

General line - 0115112241

හික්කඩුවේ රෝහලකදී සිව් දෙනෙකු අත්අඩංගුවට




හික්කඩුව ආරච්චිකන්ද රෝහලට බලහත්කාරයෙන් ඇතුල් වි රෝහල් කාර්ය මණ්ඩලයට බැණ තර්ජනය කළ පුද්ගලයින් සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන සිය දියණියගේ සුවදුක් විමසීමට පැමිණි පියා ඔහුගේ මිතුරන් තිදෙනෙකු සමග පැමිණ තිබෙන්නේ රාතී‍්‍ර කාලයේදීයි. 

ඔවුන්ට කාන්තා වාට්ටුවකට රාතී‍්‍ර කාලයේ යාමට රෝහල් කාර්ය මණ්ඩලය අවසර ලබාදී නැහැ. ඊට එරෙහිව පුද්ගලයන් සිව් දෙනා රෝහල් කාර්ය මණ්ඩලය සමග ගැටුමක්ද ඇති කර ගෙන තිබෙනවා. 

කළුපේ ප‍්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයන් සිව් දෙනා හික්කඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.