Tuesday, April 23, 2024

General line - 0115112241

කන්දකාඩු ආසාධිත පොකුර අද තවත් විශාල වේ




කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය හා එහි ආශි‍්‍රතයින්ගේ කොරෝනා පොකුර අද තවත් වැඩි වුණා. ඒ, තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් 94 දෙනෙකු හමුවීමත් සමගයි. 

ඉන් 76 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුරු මධ්‍යස්ථානයට මාරු කළ රැඳවියන් වනවා. මීට අමතරව පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ආශ‍්‍රිතයන් 14 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

රාජාංගණය ප‍්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත උපදේශකවරයා සහභාගිවූ අවමංගල්‍ය උත්සවයට සහ දානමය පුණ්‍යකර්මයට පැමිණි කාන්තාවන් තිදෙනෙකුට සහ කුඩා දරුවෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි අද අනාවරණ වුණේ. 

ඒ අනුව රාජාංගණය ප‍්‍රදේශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 12 ක්. 

ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 43 දෙනෙකුම කන්දකාඩු පොකුරෙන් මතු වූවන්. ඒ අතරින් ආසාදිතයින් 30 දෙනෙකු කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූ පුද්ගලයින් පුනුරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ ආශ‍්‍රිතයින් වනවා. 

ඒ අනුව කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථාන ආශි‍්‍රත කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 484 ක් වනු ඇති.