Friday, March 29, 2024

General line - 0115112241

අමෙරිකානු යුධ නෞකාවක පිපිරීමක් සමග ගින්නක් (VIDEO / PHOTOS)




අමෙරිකානු යුධ නෞකාවක පිපිරිමක් සිදුව තිබෙනවා. සැන්ඩියාගේ නෞකාංගනයේ නැංගුරම්ලා තිබු “ Bonhomme Richard” නම් ප්‍රහාරක නෞකාවේ මෙය සිදුව ඇති බවයි CNN පුවත් සේවය වාර්තා කර සිටියේ.

පිපිරිමත් සමග ඇතිවූ ගින්නෙන් එහි සේවය කරමින් සිටි නාවුක හමුදා සාමාජිකයින් රැසක් තුවාල ලබා ඇති බව සඳහන්.

මෙම පිපිරිමට හේතුව මේ දක්වා අනාවරණය වී නැති අතර නෞකාවේ නඩත්තු කටයුතු සිදුකරමින් පැවති බවත් ඇතිව තිබෙන ගින්න පාලනය කිරිමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි අමෙරිකානු නාවික හමුදාව උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

Bonhomme Richard නම් මෙම යුධ නෞකාවේ දිග මිටර් 255ක් වේ.

හෙලිකොප්ටර් යානා ගොඩබෑමට මෙහි හැකියාවක් ඇත. එමෙන්ම භට පිරිස් ප්‍රවාහනය කිරිම, රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි රෝහලක් අති මෙම නෞකාව එරට හමුදාවේ ප්‍රධාන පෙලේ සැපයුම් සහ යුධ නෞකාවක් වනවා.