Tuesday, April 16, 2024

General line - 0115112241

කන්දකාඩු කොරෝනා පොකුරට මුල් වූ බවට සැක කරන කරුණ ගැන පැහැදිළි කෙරේ




කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට කොරෝනා වෛරසය පැමිණියේ ජා-ඇල, සුදුවැල්ල ප‍්‍රදේශයේ හටගත් ප‍්‍රවාහයෙන් බවට සෞඛ්‍ය අංශ සැක පළ කරනවා.

සුදුවැල්ල ප‍්‍රදේශයෙන් හදුනා ගත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් පිරිසක් නිරෝධායන කි‍්‍රයාවලියෙන් පසු යොමු කර තිබුණේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයටයි.

ඔවුන්ගෙන් වෛරසය ව්‍යාප්ත වන්නට ඇති බවටයි සැක පළ කෙරුණේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මේ පිළිබඳව කරුණු පැහැදිළි කළා.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවදුරටත් කොරෝනා ආසාදිතයින් වාර්තාවීමේ ඉඩකඩක් ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 1,140 ක්. ඔවුන් සියළු දෙනා PCR  පරීක්‍ෂණ සදහා යොමු කිරීමටයි මේ වනවිටත් පියවර ගෙන ඇත්තේ.