Friday, March 29, 2024

General line - 0115112241

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් , ETI ෆිනෑන්ස් තහනම් කෙරේ




ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් PLC සහ ETI ෆිනෑන්ස් යන ආයතනවල ව්‍යපාරික කටයුතු අද සිට අත්හිටුවීමට ශී‍්‍ර ලංකා මහබැංකුව තීරණය කර තිබෙනවා. 

ඉකුත්දා පැවති මුදල් මණ්ඩල රැුස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි ශී‍්‍ර ලංකා මහබැංකුව පැවසුවේ. 2011 වසරේ සිට පැවති විවිධ අක‍්‍රමිකතා හේතුවෙන් එම ආයතන 02 මේ වනවිට බංකොළොත් භාවයට පත්ව තිබෙනවා. 

ශී‍්‍ර ලංකා මහබැංකුව විසින් එම ආයතන යථා තත්ත්වයට පත් කිරීම සඳහා සපයන ලද මාර්ගෝපදේශන සඳහා සෑහීමකට පත්විය හැකි පිළියම් යෙදීමට අදාළ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල අපොහොසත් වීම හේතුවෙන් එකී ආයතනවල මෙහෙයුම් කටයුතු සීමා කිරීම, අධ්‍යක්ෂ මණ්ඩලයයේ බලතල සීමා කිරීම මෙන්ම ආයතන කටයුතු අධීක්ෂණය සඳහා කළමණාකාර මණ්ඩලයක් පත් කිරීමට ද මහබැංකුව මීට පෙර පියවර ගනු ලැබුවා.