Friday, March 29, 2024

General line - 0115112241

වත්මන් නාවික හමුදාපතිවරයා "අද්මිරාල්" නිලයට උසස් කෙරේ




23 වන නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, "අද්මිරාල් ධුරයට" උසස් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා.

නාවික හමුදාපතිවරයාගේ එම උසස්වීම හෙට (14) දිනයේ සිට බලපැවැත්වෙන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කළේ.

වසර 36 ක නාවික හමුදා සේවයට සමුදෙමින් නාවික හමුදාපතිවරයා අනිද්දා (15) සිය ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා.