Thursday, April 25, 2024

General line - 0115112241

හක්මනදී පොලිස් නිලධාරීන් අනතුරට ලක් කළ ටිපර් රථ රියදුරුට හිමිවූ දඬුවම




මාතර හක්මන ප‍්‍රදේශයේදී මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අනතුරට ලක්කර පලායෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ටිපර් රථ රියදුරු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 

ඒ, සැකකරු අද මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ලබා දුන් නියෝගයට අනුවයි. මනුෂ්‍ය ඝාතනය, මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම, රාජකාරී නිලධාරීන්ට සුළු හා බරපතළ තුවාල සිදු කිරීම, අන්තරායක ලෙස රිය පැදවීම, සහ විරුද්ධ මාර්ගයේ රිය පැදවීම යන වැරදි සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

සැකකරු මාතර හක්මන මාර්ගයේ මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සිතාමතා යටකර පලා ගොස් තිබුණේ ඊයේ රාති‍්‍රයේදීයි. 

පසුව කි‍්‍රයාත්මක කළ මෙහෙයුම්වලදී ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා. අනතුරින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත් වුණා. තුවාල ලැබූ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු මාතර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.