Wednesday, April 24, 2024

General line - 0115112241

කන්දකාඩු කොරෝනා පොකුර ගැන අසත්‍ය සමාජ මාධ්‍ය ප්‍රචාරණයන් ගැන පොලිසිය පරීක්ෂණ අරඹයි




කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය හරහා ඇතිවූ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ අසත්‍ය ප්‍රචාරණ සිද්ධි සම්බන්ධයෙන් පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායම් 03ක් යොදවා විමර්ශන ආරම්භ කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

කන්දකාඩු මධ්‍යස්ථානයේ සිට මේ දක්වා පිටතින් හමුවී ඇත්තේ රෝගීන් 20 දෙනෙකු පමණක් බවත් ඔවුන් ගෙන්ද 16 දෙනෙකු රාජාංගනය ප්‍රදේශයෙන් වාර්තා වූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.

මහනුවර ප්‍රදේශයේ පුද්ගලයින් 600ක් සම්බන්ධයෙන් ජාතික පුවත් පතක් විසින් අද දිනයේදී පළ කොට ඇති පුවතක් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මෙන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කොට ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

මේ අතර සෞඛ්‍ය අංශ විසින් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිසි ලෙස අනුගමනය නොකරන පුද්ගලයින් සම්බන්ධයෙන් හෙට සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශක කර සිටියේ.