Thursday, April 25, 2024

General line - 0115112241

වරද වරදක් සේ දැකීමට පක්ෂ පාට වැදගත් නෑ



වැරදිකරුවන් ආරක්ෂා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයක් යටතේ කිසිවෙකුටත් අවස්ථාව නොදෙන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ති‍්‍රක් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතීඥ උදය ගම්මන්පිල යළි අවධාරණය කරනවා.

කුරුණෑගල බුවනෙකබා රාජසභා මණ්ඩපය විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, ඊයේ (22) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනේදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

නිවැරදි දේ නිවැරදි අයුරින් දැකීමටත්, වරද වරදක් සේ දැකීමටත් පක්ෂ පාට වැදගත් නොවන බව ද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ති‍්‍රක් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතීඥ උදය ගම්මන්පිල මෙහිදී පෙන්වා දුන්නා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.