Friday, April 19, 2024

General line - 0115112241

කොරෝනා වෛරසයෙන් පීඩා විඳීන ඉන්දියාවට ගංවතුරත් බැට දෙයි




ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයට බලපා ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් මිලියනයකට අධික ජනතාවක් පීඩාවට පත්ව සිටිනවා. අධික වර්ෂාපතනය හේතුවෙන්, ලොව විශාලතම ගංගාවලින් එකක් වන ඉන්දියාවේ බ‍්‍රහ්මපුත‍්‍ර ගංගාව පිටාර ගැලීමත් සමග ගංඉවුරු බිඳී යාමෙන් මෙම ජල ගැලීම් හටගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 

ජල ගැලීම්වලට හසුවූ පුද්ගලයින් 33 දෙනෙකු මියගොස් ඇති අතර පුද්ගලයින් 33,000 කට අධික පිරිසක් අවතැන්ව සිටිනවා. ගම්මාන දෙදහසක් පමණ ජලයෙන් යට වී තිබෙන බවයි වාර්තා වන්නේ. අක්කර දෙලක්ෂයකට ආසන්න වගා භූමි ජල ගැලීම් හේතුවෙන් විනාශ වී තිබෙනවා. ඉන්දියාව මෙම ව්‍යසනයට මුහුණ පා සිටින්නේ, නව්‍ය කොරෝනා වෛරසයේ සීඝ‍්‍ර ව්‍යාප්තියෙන් ද ඉන්දීය ජනතාව පීඩා වි`දිමින් සිටින මොහොතකයි. 

මේ අතර, ඉන්දියාවේ නව දිල්ලි නුවර පුද්ගලයින් හතරෙන් එකකට ආසන්න පිරිසකට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. නවදිල්ලි නුවර සෑම පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුටම නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි නවතම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ. ඉන්දියාවේ රෝග පාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානය මගින් අහඹු ලෙස සමාජයෙන් තෝරාගත් පුද්ගලයින් 21,387 දෙනෙකුගේ පී සී ආර් පරීක්ෂණ සිදු කර තිබෙනවා. 

ඔවුන් අතරින් සියයට 22 කට අධික පුද්ගලයින් ප‍්‍රතිශතයක් නව්‍ය කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 
මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන දොළොස්ලක්ෂ 49,812 ක්. තිස්දහසකට ආසන්න කොරෝනා මරණ සංඛ්‍යාවක් ද ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.