Saturday, April 20, 2024

General line - 0115112241

තවත් රෝගියෙක් අතුරුදහන් ද? - IDH රෝහලෙන් කරුණු කියයි




රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් නව්‍ය කොරෝනා ආසාදිතයෙකු IDH රෝහලෙන් පළාගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව එම රෝහලේ පාලනාධිකාරිය පවසනවා.

එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය හසිත අත්තනායක කියා සිටියේ IDH රෝහල තුළ මේ වනවිට සියලූ ආරක්ෂක ක‍්‍රමවේද නිසිපරිදි කි‍්‍රයාත්මක බවයි.

එබැවින් මෙවැනි අසත්‍ය ප‍්‍රචාරවලට නොරැවටෙන ලෙස ද රෝහල් අධ්‍යක්‍ෂවරයා මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කළා. 

කොරෝනා ආසාදිතයින් ප‍්‍රතිකාර ලබන රෝහල්වල ආරක්ෂාව මේවනවිට තහවුරු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මේ බව සඳහන් කළා.