Friday, April 19, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවේ කොරෝනා මරණ සහ කොරෝනා ආසාදිතයින් ගණන ඉහළ යයි




ඕස්ටේ‍්‍රලියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මෙන්ම කොරෝනා මරණ ගණන ද යළිත් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ගතවූ පැය 24 දී පමණක් ඕස්ටේ‍්‍රලියාවෙන් කොරෝනා මරණ 10 ක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ගතවූ පැය 24 දී ඕස්ටේ‍්‍රලියාවෙන් හඳුනා ගෙන ඇති නව කොරෝනා ආසාදිතයින් ගණන 453 ක්.

මෙම නව ආසාදිතයින් මෙන්ම කොරෝනා මරණ ද වාර්තා වන්නේ ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයෙන් වීම ද විශේෂත්වයක් වනවා.

එසේම එරට දෙවන විශාලතම ජනගහනයක් වෙසෙන ප‍්‍රාන්තය වන්නේ ද වික්ටෝරියා ප‍්‍රාන්තයයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග වික්ටෝරියා ප‍්‍රාන්තයට සති 06 ක් කාලයක් සඳහා සංචරණ සීමා පැනවීමටත්, අනෙක් ප‍්‍රාන්තයන් සමග පවතින දේශසීමා වසා දැමීමටත් ඕස්ටේ‍්‍රලියානු බලධාරීන් පියවර ගත්තා.

එසේම වික්ටෝරියා ප‍්‍රාන්තයේ වැසියන් හට මුඛ ආවරණ පැළඳීම ද අනිවාර්යය කර තිබෙනවා. ඕස්ටේ‍්‍රලියාවෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 14,403 දෙනෙකු  වාර්තා වන්නේ කොරෝනා මරණ 155 ක්ද සමගයි.