Wednesday, April 17, 2024

General line - 0115112241

අමෙරිකානු රාජ්‍ය ආරක්ෂක උපදේශකටත් කොරෝනා




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ රාජ්‍ය ආරක්ෂක උපදේශක රොබට් ඕ' බ්‍රයන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වී ඇති බව ධවල මන්දිරය නිවේදනය කර සිටිනවා.

රාජ්‍ය ආරක්ෂක උපදේශකවරයා මේ වන විට ආරක්‍ෂිත ස්ථානයක හුදෙකලාව නිරෝධායනයට ලක්ව සිටින බවයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

රාජ්‍ය ආරක්ෂක උපදේශකවරයා හට නව කොරෝනා වෛරසය ආසාදනය වුවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ උප ජනාධිපති මයික් පෙන්ස් හට ඔහුගෙන් වෛරසය ආසාදනය වීමේ ඉඩකඩක් නොමැති බවයි වැඩිදුරටත් ධවල මන්දිරය සඳහන් කළේ.