Thursday, April 25, 2024

General line - 0115112241

සෙලාන් බැංකුවේ 50 වන පූර්ණ ස්වයංක්‍රීය චෙක් තැන්පතු (CDK) යන්ත්‍රය ජා-ඇල ශාඛා පරිශ්‍රයේ ස්ථාපිත කෙරේ




සෙලාන් බැංකුව දිවයින පුරා ව්‍යාප්ත සිය පූර්ණ ස්වයංක්‍රීය චෙක්පත් තැන්පතු යන්ත්‍ර (CDK) ජාලය තවදුරටත් පුළුල් කරමින් 50 වන යන්ත්‍රය ජා-ඇල ශාඛා පරිශ්‍රයේදී පසුගියදා ස්ථාපනය කළේය. ඩිජිටල් පරිවර්තනය සහ අසමසම පාරිභෝගික පහසුව සඳහා සෙලාන් බැංකුව දක්වන කැපවීම මෙමගින් තවදුරටත් පිළිබිඹු වේ. 2017 වසරේදී මෙරට පළමු වරට ස්වයංක්‍රීය චෙක්පත් තැන්පතු යන්ත්‍ර ජාලයක් ස්ථාපනය කිරීමේ පුරෝගාමියා වූයේ ද සෙලාන් බැංකුවයි. එතැන් සිට මෙරට ජනතාවට ස්වයංක්‍රීය මුල්‍ය සේවා රැසක් ලබා දීම සඳහා සෙලාන් බැංකුව වසර දෙකක කාලයක් තුළ එම ජාලය යන්ත්‍ර 50 ක් දක්වා පුළුල් කිරීමට සමත්ව සිටී.

පූර්ණ ස්වයංක්‍රීය CDK යන්ත්‍ර ජාලය පාරිභෝගික, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ ආයතනික පාරිභෝගිකයන් හට සෙලාන් බැංකුව හෝ වෙනත් ඕනෑම බැංකුවක් නිකුත් කරන චෙක්පත් තැන්පතු පත්‍රය පිරවීමෙන් තොරව ඕනෑම දිනයක ඕනෑම මොහොතක පහසුවෙන් තැන්පත් කිරීමේ පහසුව උදා කර ඇත. සියලු ම පාරිභෝගිකයන් හට පහසුවෙන් පරිහරණය කළ හැකි ලෙස මෙම යන්ත්‍රවල උපදෙස් භාෂා ත්‍රිත්වයනේම දර්ශනය කෙරේ. තැන්පතුවල උපරිම ආරක්ෂාව සහ වලංගුතාව තහවුරු කර ගැනීම සඳහා චෙක්පත් තැන්පත් කළ වහාම පාරිභෝගිකයාට මුද්‍රිත රිසිට්පතක් ද යන්ත්‍රය හරහා ලබාගත හැකිය. 

සෙලාන් බැංකුවේ CDK යන්ත්‍ර ජාලය පුළුල් කිරීම පිළිබඳ එම බැංකුවේ මෙහෙයුම් අංශයේ නියෝජ්‍ය සාමන්‍යාධිකාරී මලික් වික්‍රමනායක මහතා මෙලෙස අදහස් පළ කළේය. 

"සමස්ත ලෝකයම ආපදා තත්ත්වයකට මුහුණ පා සිටින මෙවන් මොහොතක, ජනතාව එදිනෙදා බැංකුකරණ අවශ්‍යතා සපුරා ගැනීමේදී ඒවා කෙතරම් පහසුවෙන් ලබාගත හැකිද යන්න පිළිබඳව සැලකිල්ලක් දක්වනවා. එම අවශ්‍යතාව මැනවින් හඳුනා ගනිමින් සෙලාන් බැංකුව දිවයින පුරා පාරිභෝගිකයන්ගේ මුල්‍ය ගනුදෙනු පහසුව සහ ඒවායේ සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා සියලු ම ඩිජිටල් බැංකු