Saturday, April 20, 2024

General line - 0115112241

ඉවත් කළ පිරිසට එජාපයෙන් අලූත් මන්තී‍්‍ර ලැයිස්තුවක් - සජිත් බේරුණු හේතුවත් හෙළි වෙයි




පක්‍ෂයෙන් ඉවත් කෙරුණු පළාත් පාලන ආයතන මන්තී‍්‍රවරුන් වෙනුවට අලූත් මන්තී‍්‍රවරුන් පිිරිසක් පත් කරන බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් නෙත් නිවුස් වෙත කියාසිටියේ ඊට අදාළ ලේඛණය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමටද කටයුතු කර ඇති බවයි.

සමගි ජන බලවේගයට සහය පළ කරන එක්සත් ජාතික පක්‍ෂයෙන් තේරී පත් වූ පළාත් පාලන නියෝජිතයින් 61 දෙනෙකු පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයකට අනුව එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් කෙරුණා. එමෙන්ම සමගි ජන බලවේගයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 54 දෙනෙකුගේද පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටයි ඊයේ තීරණය කෙරුණේ. ඊට අදාළ ලිපි ඔවුන් වෙත අද දිනයේ යොමු කරන බව එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් කියාසිටියා.

කෙසේවෙතත් සමගි ජනබලවේගය පවසන්නේ ඉදිරි මැතිවරණයේ නියත පරාජය හමුවේ ආණ්ඩුව ශක්තිමත් කිරීමට එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සිය අවසන් දේශපාලන තුරුම්පුව ද ක‍්‍රියාවට නංවා ඇති බවයි.