ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උප සභාපති ධුරයෙන් කේ. මතිවානන් ඉල්ලා අස්වී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, වත්මන් පරිපාලනය විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් තමා ඉල්ලා අස්වන බවයි.
ක‍්‍රිකට් ව්‍යවස්ථාවට අනුව ප‍්‍රධාන උප සභාපතිවරුන් දෙදෙනාගේ මූලික වගකීම් අතර ජාත්‍යන්තර ක‍්‍රිකට් හා දේශීය ක‍්‍රිකට් යන දෙඅංශයම මෙහෙයවීමේ සම්ප‍්‍රදායක් පවතිනවා.
එහෙත් වර්තමානයේ කිසිදු වගකිවයුතු කටයුත්තක් තමන්ට ලබා නොදීම හේතුවෙන් වත්මන් පරිපාලනය තමා හුදකලා කර ඇති බවයි ඔහු සිය නිවේදනය මගින් පෙන්වාදී ඇත්තේ
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here