Thursday, March 28, 2024

General line - 0115112241

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ වෙනසක්




පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා දරුවන්ගේ සංඛ්‍යාව 35 සිට 40 දක්වා ඉහළ නැංවීමට නීතිමය අනුමැතිය හිමිව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සදහන් කළේ ගුරු සහයකයින් බදවා ගන්නා පදනම මත සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමට අවසර ලැබී ඇති බවයි.

ඒ අනුව මහ මැතිවරණයෙන් පසු ඊට අදාළ කටයුතු ආරම්භ කරන බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.

අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේ දරුවන්ගේ දක්‍ෂතා සහ හැකියාවන් පිළිබද තොරතුරු පහසුවෙන් දැන ගැනීමට හැකි වන පරිදි සෑම දරුවෙකුටම විශේෂිත වූ අංකයක් හදුන්වාදීමට පියවර ගන්නා බවයි. 

එම අංකය පාසල් පද්ධතිය තුළ අධ්‍යාපන කටයුතු අවසන් කරන තෙක් වලංගු වන බවයි ප්‍රකාශ කෙරුණේ.

නිවාඩු ලබාදී ඇති රජයේ සියළු පාසල් අගෝස්තු 10 වැනිදා සිට යළි ආරම්භ කිරීමට නියමිතයි. කෙසේවෙතත් සතියේ දින 5 තුළ පාසල් වෙත කැදවන්නේ 5, 10, 11, 12 සහ 13 යන ශ්‍රේණිවල සිසුන් පමණක් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.