Friday, April 26, 2024

General line - 0115112241

ගුවන් තොටුපළ විවෘත කිරීම දින නියමයක් නොමැතිවම කල් යයි




කොරෝනා ව්‍යාප්තියත් සමග වසා දැමුණු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල යළි විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

මීට පෙර තීරණය කර තිබුණේ ඉකුත් අගෝස්තු මස පළමු වැනිදා සිට ගුවන් තොටුපොල විවෘත කිරීමටයි. විදේශ සබඳතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකාවේ තත්ත්වය පමණක් නොව සෙසු රටවල කොරෝනා තත්ත්වයද ගුවන් තොටුපොල විවෘත කිරීමේදී ප‍්‍රධාන සාධකයක් බවයි.

කෙසේවෙතත් මේ වනවිටත් ගුවන් තොටුපොල විවෘත කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකරමින් ඇති බවයි ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර මෙරටට පැමිණීමට කැමැත්තෙන් විදේශයන්හි රැදී සිටින ශී‍්‍ර ලාංකිකයන් හෙට (31) සිට මෙරටට ගෙන්වීමට නියමිතයි. ඒ අනුව, පළමු කණ්ඩායම ලෙස මෙරටට රැගෙන එන්නේ ඩුබායි සහ අබුඩාබිහි සිටින 550 ක පිරිසක්.