Monday, April 19, 2021

General line - 0115112241

පාලකයා පොහොසත් වෙද්දී රට දුප්පත්වීමෙන් පැහැදිළි වන දේ අනුර කියයි

866Views



ඡන්ද දායකයාගේ බලාපොරොත්තු සහ අරමුණු සාක්‍ෂාත් කිරීමට බලයට පත් වූ කිසිදු දේශපාලන බලවේගයකට මෙතෙක් හැකි වී නොමැති බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඊයේ (29) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් ඔහු කියාසිටියේ ශී‍්‍ර ලංකාවේ පාලකයා පොහොසත් වද්දී රට දුප්පත්වීමෙන් මෙම තත්ත්වය පැහැදිලිව හදුනා ගත හැකි බවයි.

වංචනිකයින්ට හා දූෂිතයින්ට දඩුවම්දීම පක්‍ෂ, පාට භේදයකින් තොරව සිදුවීම ජනතාවගේ බලාපොරොත්තුව බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහභාගි වූ ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.  

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here