ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිස් වූ උප සභාපති ධූරය සඳහා ජයන්ත ධර්මදාස පත් කර තිබෙනවා. මීට පෙර එම තනතුරේ රාජකාරි කළ කේ. මතිවානන් ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම පත් කිරීම සිදුකළ බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ.
ඒ, එම ආයතනයේ් විධායක කමිටුව ඒකමතිකව ගත් තීරණයට අනුවයි.
සිය ඉල්ලා අස්වීම පිළිබද හේතු ලෙස කේ. මතිවානන් පවසා තිබුණේ වත්මන් පරිපාලනය විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
එහෙත් ඔහුට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට විධායක කමිටුව තීරණයක් ගෙන තිබියදී ඔහු තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවයි ඊට ප‍්‍රතිචාර දක්වමින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසන්නේ.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here