Friday, March 29, 2024

General line - 0115112241

වැඩිහිටියන් බිලිගත් කොරෝනා තරුණ ජීවිතවලටත් හැරේ




ලොවපුරා වැඩිහිටියන් වැඩි වශයෙන් බිලිගත් කොරෝනා වෛරසය මේ වනවිට තරුණ ජීවිත දක්වා වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඔවුන් කළ සමීක්‍ෂණයකින් හෙළි වී ඇත්තේ යුරෝපා කලාපයේ මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි.

ගත වු සති කිහිපය සැලකීමේදී වැඩිහිටියන්ට වඩා තරුණයින් අතර කොරෝනා වෛරසය ව්‍යාප්තවීම කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති රටවල්ද ඒ අතර වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

ස්පාඤ්ඤය සහ ප‍්‍රංශයේ ද මෙම තත්ත්වය පවතින බව විදෙස් මාධ්‍යයන්හි සදහන්. 

ස්පාඤ්ඤය තුළ යළිත් කොරෝනා වෛරසය පැතිර යාමත් සමග යුරෝපය තුළ කොරෝනා දෙවන රැල්ලක දැඩි අවදානමක් මේ වනවිට මතුව තිබෙනවා. ඒ අනුව යළිත් කොරෝනා රීති දැඩි කිරීමට රටවල් රැසක් දැනටමත් පියවර ගෙන අවසන්.