Friday, March 29, 2024

General line - 0115112241

කොරෝනා අභියෝගය ශ්‍රී ලංකාව ජය ගත්තත් දකුණු ආසියාව දැඩි අවදානමක - කොරෝනා හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ දරුණු සාගතයක්




නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ සමස්ත ජනගහනයෙන් 80% කට වැඩි පිරිසක් ආහාර අර්බුදයක් අභියස සිටින බව ඇෆ්ගනිස්ථාන ප‍්‍රතිසංස්කරණය පිළිබඳ අමෙරිකානු රජයේ අධීක්ෂණ අධිකාරිය හෙවත් සිගාර් කාර්යයාලය පවසනවා. 

එම කාර්යයාලය මගින් සිදු කළ නවතම අධ්‍යයනය මගින් පෙන්වා දෙන්නේ එරට මිලියන 38 කට අධික ජනගහනයෙන් මිලියන 32 කට වැඩි පිරිසක් මේ වනවිට ආහාර අර්බුදයට මුහුණ පා සිටින බවයි. 

මේ වනවිට සියයට 55 ක් වන ඇෆ්ගනිස්ථානයේ දරිද්‍රතා අනුපාතය සියයට 80 ඉක්මවා ඉහළ යනු ඇති බව සිගාර් කාර්යයාලයේ නවතම අධ්‍යයන වාර්තාවේ සඳහන්.

නව්‍ය කොරෝනා ව්‍යාප්තිය, ඒ හේතුවෙන් වෙනත් වසරවල මෙන් ආධාර වැඩසටහන් නොලැබී යාම, සෞඛ්‍ය පහසුකම් හිඟ වීම මෙන්ම ඇෆ්ගනිස්ථානයේ අභ්‍යන්තර අර්බුද සහ ගැටුම් තවදුරටත් ඉහළ යාම හේතුවෙන් එරට ආර්ථිකය සීඝ‍්‍රයෙන් කඩා වැටෙමින් පවතින බවට ද අමෙරිකානු සිගාර් කාර්යයාලය අනතුරු අඟවා තිබෙනවා. 

මේ වනවිට ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වන සමස්ත නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 36,675 ක්. කොරෝනා මරණ 1,272 ක් ද එරටින් වාර්තා වනවා.