සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මහමැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම පෙරහුරු මැතිවරණ ගණනාවක් පවත්වා පූර්ව සූදානමකින් සිටින බැවින් ඡන්දය විමසීමේදී කාලය සම්බන්ධයෙන් ගැටළුවක් මතු නොවනු ඇතැයි පැෆරල් සංවිධානය පවසනවා.
ඡන්දය ප‍්‍රකාශ කිරීමේදී සැලසුම්සහගතව ඡන්ද මධ්‍යස්ථානය තුළ වැඩි කාලයක් ගත කර, නියමිත කාලය තුළ යම් පිරිසකට ඡන්දය භාවිත කිරීමට නොහැකි වන අයුරින් කටයුතු කිරීමට විපක්ෂයේ පිරිසක් උත්සාහ දරණ බව දේශපේ‍්‍රමී එක්සත් ජාතික පක්ෂය ඊයේ ප‍්‍රකාශ කළා.
එලෙස යම් ප‍්‍රමාදයක් ඇති කිරීමේ හැකියාවක් පවතින්නේදැයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මෙම අදහස් පළ කළා.
සෞඛ්‍යාරක්ෂිත කි‍්‍රයාමාර්ග ගෙන ඇති බැවින් ඡන්දය ප‍්‍රකාශ කිරීමට කිසිදු බියක් විය යුතු නැතැයිද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here