Friday, March 29, 2024

General line - 0115112241

විදෙස් රටවල සිරව සිටි තවත් ශී‍්‍ර ලාංකිකයින් 349 දෙනෙකු දිවයිනට




විදෙස් රටවල සේවය කරමින් සිටියදී නව්‍ය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි තවත් ශී‍්‍ර ලාංකිකයින් 349 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට ශ‍්‍රී ලාංකිකයන් 335 දෙනෙකු රැගත් ගුවන් යානයක් ඊයේ මධ්‍යම රාති‍්‍රයේ කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වූ බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. 

කටාර් රාජ්‍යයේ වෙළෙඳ නැව් වල සේවය කිරීම සදහා ගොස් සිටි ශ‍්‍රී ලාංකිකයන් 14 දෙනෙකු කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද අලූ‍යම 1.30 ට පමණ දිවයිනට පැමිණියා.

මේ අතර, ශ‍්‍රී ලංකාවේ චීන ආයෝජන ව්‍යාපෘති වල සේවය කරන චීන ජාතිකයන් 29 දෙනෙකු ද චීනයේ ෂැංහයි නුවර සිට ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ. 

දිවයිනට පැමිණි සියලූම ගුවන් මගීන් පී සී ආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන කි‍්‍රයාවලිය සඳහා යොමු කර තිබෙනවා.