Friday, April 19, 2024

General line - 0115112241

නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 28 දෙනෙකු අද නිවෙස් වෙත




යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 28 දෙනෙකු අද සිය නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් බලා යාමට නියමිතව තිබෙනවා. 

ඒ අතරින් 13 දෙනෙකු මිහින්තලේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පුද්ගලයින් බවයි කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. 

මේ වනවිට, මෙරටදී නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් 28,792 දෙනෙකු සිය නිරෝධායනය කි‍්‍රයාවලිය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා.  

නිරෝධායන මධ්‍යස්ථාන 33 ක තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් 1,866 ක්.