Thursday, April 25, 2024

General line - 0115112241

ලංකාපුර කොරෝනා ආසාධිතයාගේ ආශ්‍රිතයන් 160ක් අසාධිතයන් නොවන බව හෙළිවෙයි




කෝවිඩ් 19 ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගැනුණු පොළොන්නරුව ලංකාපුර ප‍්‍රදේශයේ පී සී ආර් පරීක්ෂණ සඳහා පෙරේදා දිනයේ යොමු කළ පුද්ගලයින් 160 දෙනා අතරින් කිසිවෙකු කෝවිඞ් 19 ආසාදිතයින් නොවන බවට පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වී තිබෙනවා. 

දිස්ති‍්‍රක් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයන්ත චන්ද්‍රසිරි සඳහන් කළේ  ඊයේ දිනයේ පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කළ පුද්ගලයින් 392 දෙනෙකුගේ පී සී ආර් පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිත බවයි. අද දිනයේ  ද පුද්ගලයින් 350 දෙනෙකු පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතව තිබෙනවා. 

මේ අතර, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ‍්‍රිතව මේ වනවිට නව්‍ය කොරෝනා ආසාදිතයින් 600 ක් හඳුනාගෙන ඇති බව කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසනවා. 

එම මධ්‍යස්ථානය සඳහන් කළේ ඒ අතරින් 482 දෙනෙකු පුනරුත්ථාපනය වන රදවියන් බවයි. මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 2,815 ක්.

යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 28 දෙනෙකු අද සිය නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් බලා යාමට නියමිතව තිබෙනවා. 

ඒ අතරින්් 13 දෙනෙකු මිහින්තලේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පුද්ගලයින් බවයි කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ වනවිට, මෙරටදී නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් 28,792 දෙනෙකු සිය නිරෝධායනය කි‍්‍රයාවලිය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා.  

නිරෝධායන මධ්‍යස්ථාන 33 ක තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් 1,866 ක්.  

කොරෝනා ආසාදිතව සිට මෙරට රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 58 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග තවදුරටත් රෝහල්වල ප‍්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 431 දෙනෙකු පමණයි.