Wednesday, April 24, 2024

General line - 0115112241

අපේක්ෂකයින්ගේ අංක හෝ පක්ෂ ලකුණු සහිත පෑන් ජන්ද පොලට රැගෙන එන්න එපා




අගෝස්තු 05 වෙනිදා පැවැත්වෙන මහ මැතිවරණයේ ජන්දය ප්‍රකාශ කිරිමට පැමිණෙන ජන්ද දායකයින් විසින් අපේක්ෂකයින් ගේ මනාප අංක ප්‍රචාරණය වන ආකාරයේ ලකුණු ඇතුලත් පෑන් වර්ග රැගෙන නොඅයුතු බවට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටිනවා.

එලෙස රැගෙන එන පෑන යම් පක්ෂයක්/ අප්ක්ෂකයෙක් ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිදු සලකුණක්/ වර්ණයක්/ ලාංජනයක් සහිත එකක් නොවිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටින්නේ.

ජන්ද දායකයින් නිල් හෝ කලු පැහැති බෝල තුඩු පෑනක් විය යුතු බවත් යම් හෙයකින් ජන්ද දායකයෙකුට ජන්දය ලකුණු කිරිම සඳහා තමාගේ පෑනක් ගෙන ඒමට හැකියාවක් නැතිවුවහොත් එවැනි ජන්ද දායකයන් සඳහා ජන්ද මධ්‍යස්ථානයේදී විෂබිජහරණය කරන ලද බෝල තුඩු පෑන් සැපයීමට ක්‍රියාකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.