Saturday, April 20, 2024

General line - 0115112241

ලොකු ලුණු කිලෝවක් සඳහා ආනයන බද්ද රු. 35 කින් ඉහළට 




ලොකු ලූණු කිලෝග්‍රෑමයක ආනයන බද්ද රුපියල් 50 ක් දක්වා ඉහළ නංවා තිබේ. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, මීට පෙර ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා ආනයන බද්ද රුපියල් 15 ක් ලෙස පැවති බවයි.

ඒ අනුව ලොකු ලූණු කිලෝග්‍රෑමයක ආනයන බද්ද ඉහළ දමා ඇත්තේ රුපියල් 35 කිනි. දේශීය ලොකු ලූණු ගොවීන් දිරි ගැන්වීමේ අරමුණින් එම පියවර ගත් බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.