Saturday, April 20, 2024

General line - 0115112241

ලබන 04 සහ 05 මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යයාලය වැසේ




ලබන 04 වනදා සහ 05 වනදා යන දෙදින නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ පිහිටි මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යයාලය සාමාන්‍ය රාජකාරී සඳහා විවෘත නොකරන බව එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටිනවා. ඒ, මෙවර මහමැතිවරණයට අදාළව නැගෙනහිර කොළඹ ඡන්ද කොට්ඨාස අංක 06 සහ 07 ඡන්ද මධ්‍යස්ථාන එම දෙපාර්තමේන්තුව තුළ ස්ථාපනය කිරීම හේතුවෙන්. 

ඒ අනුව, ඡන්ද මධ්‍යස්ථානවල කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට පෙර දින සහ ඡන්ද විමසීම පැවැත්වෙන දින එලෙස එම කාර්යයාලය විවෘත නොකිරීමට තීරණය කළ බවයි මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී කේ අලහකෝන් සඳහන් කළේ.