Friday, April 19, 2024

General line - 0115112241

වර්ජකයින්ට බිය නොවන බව ජනපති කියයි




බාධක පැමිණිය ද දුප්පත්කම තුරන් කිරීමට ආරම්භ කළ ගමන නතර නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කරමින් මැතිවරණය අවසන් වූ වහාම අඩු ආදායම්ලාභීන් සහ උපාධිධාරීන් සදහා සැලසුම් කළ රැකියා එක්ලක්ෂ පනස්දහස ලබාදෙන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා අද බදුල්ල දිස්ති‍්‍රක්කයේ චාරිකාවක නිරත වූ ජනා‎ධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහියංගණය මහවැලි ක‍්‍රීඩාංගණයේ පැවති ජන හමුවකදී මෙම අදහස් පළ කළා. කිසිදු පදනමක් නොමැතිව වරාය ආශ‍්‍රිතව අර්බුදයක් නිර්මාණය කිරීමට පිරිසක් උත්සාහ කරමින් සිටින බවත්, තමා බිය කිරීමට ඔවුන්ට නොහැකි බවත් ජනාධිපතිවරයා කියා සිටියා.