Saturday, April 20, 2024

General line - 0115112241

අද අලුයම ගුවන් මගීන් 373ක් කටුනායකට ඇවිත්

ටී කේ ජී කපිල




ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශීය රටවල් දෙකක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 373 දෙනෙකු සහ වෙළෙඳ නැවක සේවය කිරීම සදහා විදේශීය නාවිකයන් 13 දෙනෙකු අද (02) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් යානා තුනකින් පැමිණ තිබුණා.

අද දින අලුයම 2.15 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 332 දෙනෙකු රැගෙන ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා. 

මෙම ගුවන් මගීන් අතර කුඩා ළමුන් සිව් දෙනෙකු ද සිටි බවයි nethnews.lk ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

අලුයම 4.15 ට එංගලන්තයේ රැකියා සහ උසස් අධ්‍යාපන කටයුතු සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු රැගෙන , එරට ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම ගුවන් මගීන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව PCR පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙත යොමු කර තිබුණා.