Monday, August 10, 2020

Advertising - 0773953664 | General line - 0115112241

ජුලි මාසයේ ශ්‍රී ලංකාව වාර්තාගත අපනයන ආදායමක් ලබයි - වසරේ මේ දක්වා ඩොලර් මිලියන 5747ක අපනයන ආදායමක්

4356Views


 



පසුගිය 2020 ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,060 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙය පසුගිය 2020 ජූනි මාසයේ වාර්තා කළ ඩොලර් මිලියන 1,020ක අපනයන ආදායමද ඉක්මවා යාමකි. එයට අමතරව කොරෝනා තත්ත්වය මැද වූවද 2019 ජූලි මාසයේ දී ලබා ඇති ඩොලර් මිලියන 999ක අපනයන ආදායම් අගයයන් ඉක්මවා තිබීමේ තත්ත්වයකි.

ඒ අනුව ජූලි මාසයේ අපනයන ආදායම මාසික පදනම මත 3.92% කින් හා වාර්ෂික පදනම මත 6.10% කින් වර්ධනය වී තිබේ.

තවද 2020 වසරෙ මුල් මාස 07 තුළ මේ අනුව ශ්‍රී ලංකාව උපයා ඇති අපනයන ආදායම ඩොලර් මිලියන 5,747ක් දක්වා ඉහළ ගොස් තිබේ .

මේ අතර ශ්‍රී ලංකාවට 1977 දී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දීමෙන් පසු ඉතිහාසයේ පළමු වතාවට 2020 ජූනි මාසයේ දී මෙරට අපනයන ආදායම, ආනයන වියදම ඉක්මවා ගොස් තිබීමද විශේෂත්වයකි.

වත්මන් රජය බලයට පැමිණි පසු විදේශයන්ගෙන් ආනයනය කළ බොහෝ භාණ්ඩ ආනයනය කිරීම නවතා දැමූ අතර, එම භාණ්ඩ ශ්‍රී ලංකාවේදි නිෂ්පාදනය කිරීම දිරිමත් කරන ලදි. මෙයට අමතරව විදේශයන්ගෙන් ආනයනය කරන ලද ආහාර භෝග සදහාද බදු පනවා එම භෝග මෙරට වගා කිරීමද දිරිමත් කරන ලදි.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here