Wednesday, April 17, 2024

General line - 0115112241

"ආනයන නවත්තලා, ලංකාවේ ජංගම දුරකථන හදන්න පුලුවන්ද, මේ වැඩපිළිවෙල නතර කළ යුතුයි" රනිල්ගෙන් රජයට විවේචනයක්




වත්මන් රජය විසින් විදේශයන්ගෙන් භාණ්ඩ සහ ආහාර ආනයනය අවම කරමින් ගෙන යන වැඩපිළිවෙල එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

ඊයේ (01) පැවැති ජනහමුවක් අමතමින් රනිල් වික්‍රමසිංහ මෙලෙසින් රජය විසින් විදෙස් ආනයන අවම කිරීම විවේචනයට ලක් කළා. එහිදි ඔහු ප්‍රකාශ කළේ විදෙස් ආනයන නවතමින් රජය ගෙන යන මෙම වැඩපිළිවෙල වහා නතර කළ යුතු බවය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ

"දැන් ආනයන නවත්තන්න යනවා. ඒ කියන්නේ පරණ මෝටර් බයිසිකලයක්වත් ගන්න බැරි වෙනවා. රූපවාහිනි යන්ත්‍රයක් ගන්න නෑ. ලංකාවේ හදන්න පුලුවන්ද රූපවාහිනි යන්ත්‍ර ?  ජංගම දුරකථන ලංකාවේ හදලා හලෝ කියයි. පුලුවන්ද ලංකාවේ ජංගම දුරකථන හදන්න ? හෙල්මටුත් ගන්න බැරි වෙයි. ටින් එකක් ඔලුවේ දාලා යයි. හදන්න බැරි ඒවා ගෙන්නන්න ඕන. අපි මෙතනට යන්න හොද නෑ. මේ රට බේරගන්න පුලුවන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය විතරයි" යනුවෙනි.

සබැඳි පුවත් : ජුලි මාසයේ ශ්‍රී ලංකාව වාර්තාගත අපනයන ආදායමක් ලබයි - වසරේ මේ දක්වා ඩොලර් මිලියන 5747ක අපනයන ආදායමක්