Wednesday, April 24, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශය විස්සයි 20 තරගාවලියක් ගැනත් හිතයි




බංග්ලාදේශ කණ්ඩායමේ එළඹෙන ශ‍්‍රී ලංකා තරග සංචාරය සඳහා පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් තරගාවලියක් ද ඇතුළත් කිරීම කෙරෙහි දෙරටේ ක‍්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් කළ විමසීමකදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පැවසුවේ ඒ පිළිබදව තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බවයි.

ලෝක ටෙස්ට් ශුරතා තරගාවලිය යටතේ ටෙස්ට් තරග 3කට සහභාගිවීම සදහා බංග්ලදේශ කණ්ඩායම ලබන ඔක්තෝබර් මසදී දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා.

ජූලි මසයේ දී මෙම තරග සංචාරය සිදු කිරීමට නියමිතව තිබුණත් කොරෝනා වසංගතය හේතුවෙන් එය කල් දැමුණා.