Thursday, April 25, 2024

General line - 0115112241

මැතිවරණයට සියල්ල සුදානම්




හෙට පැවැත්වෙන මහ මැතිවරණය සඳහා මේවනවිට සියලූ කටයුතු සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප‍්‍රවාහනය කිරීමේ කටයුතු ද මේවනවිට අවසන්වී ඇති බවයි දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරීවරුන් සඳහන් කළේ. 

09 වැනි පාර්ලිමේන්තු සදහා මන්ත‍්‍රීවරුන් තෝරා  පත්කර ගැනීමේ ඡුන්ද විමසීම හෙට පෙරවරු 07ට ආරම්භ වනවා. ඒ ඡුන්ද මධ්‍යස්ථාන 12,985 කදීයි. ඡුන්දය භාවිත කිරීම සදහා මෙවර සුදුසුකම් ලබා සිටින ඡුන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි හැටදෙලක්ෂ 63,885 ක්. 

මැතිවරණ දිස්ත‍්‍රික්ක 22ක් සදහා දේශපාලන පක්ෂ 20ක් සහ ස්වාධීන කණ්ඩායම් 34 ක් නියෝජනය කරමින් අපේක්ෂකයින් 7452 දෙදෙනෙකු මෙවර මහ මැතිවරණයට තරග කරනවා. 

මෙවර මහ මැතිවරණයේ සමස්ථ ඡන්ද ප‍්‍රතිඵලය 06 වනදා මධ්‍යම රාති‍්‍රයට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පැවසුවේ. 

ගම්පහ දිස්ති‍්‍රක්කයේ ඡුන්ද පෙට්ටි බෙදාහැරුණු සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ඔහු මේ බව සඳහන් කළා. 

ඡන්ද මධ්‍යස්ථාන තුළ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් ඡන්දය භාවිත කිරීමට කිසිඳු බියක් ඇතිකර ගත යුතු නොමැති බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප‍්‍රකාශ කළේ. ඡන්ද දායකයින් මුඛ ආවරණ පැළඳීම අනිවාර්යය බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

ඡන්දය භාවිත කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීම අනිවාර්යය බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.