Friday, April 19, 2024

General line - 0115112241

හෙට පොලිසිය වීඩියෝ කරයි : යොදා ඇති ආරක්ෂාව ගැනත් පැහැදිලි කිරීමක්




මැතිවරණ නීති උල්ලංඝණය කරන සිද්ධීන් වීඩියෝගත කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර සඳහන් කළේ ඒ අනුව සෑම පොලිස් කොට්ඨාශයකටම කැමරා ලබා දුන් බවයි.

යම් අයුරින් නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වීඩියෝ සාක්ෂි ලෙස මෙය යොදා ගන්නා බවයි ජේෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කර සිටියේ.

මේ අතර ජන්දය ප්‍රකාශයට පත් කිරිමට යොදා ගන්නා ලබන ජන්ද මධ්‍යස්ථාන 12,984ක ආරක්ෂාව සඳහා නිලධාරින් දෙදෙනා බැගින් 25,998ක් යොදවා ඇති බවයි. ජන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථාන 64ක ආරක්ෂාව සඳහා පොලිසිය නිලධාරින් 3328ක් යොදවා තිබෙන බවත් එක් ජන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානයක් සඳහා නිලධාරින් 52ක් යොදවා ඇති බවයි.

සෑම ජන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානයක පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් 45 දෙනා බැගින් යොදවා ඇති බව පැවසූ පොලිසිය මාර්ග බාධක 121ක් දිවයින පුරා ස්ථානගත කර ඇති බවයි සඳහන් කළේ