Friday, April 19, 2024

General line - 0115112241

ලෙබනනයේ, බේරූට් අගනුවර පිපිරීමක් : 25ක් ජිවිතක්ෂයට - 2500 කට අධික පිරිසක් තුවාල ලබයි (LIVE VIDEO)




ලෙබනනයේ බේරූට් අගනුවර පිහිටි වරාය තුල පිහිටි අධි බලැති පුපුරණ ද්‍රව්‍යක් වන ඇමෝනියම් නයිට්‍රේට් ගබඩා කර තිබු ගබඩාවක සිදුවූ පිපිරීමෙන් මේ දක්වා පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 2500 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. 

මේ වන විටත් පිපිරිම සිදුවූ ස්ථානයේ විශාල ගින්නක් හටගෙන ඇති බවත් තුවාලකරුවන් සහ මියගිය පුද්ගලයින්ගේ සිරුරූ සොයා සහන සේවකයින් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

පිපිරීමත් සමග ඇතිවූ ප්‍රබල කම්පනය හේතුවෙන් බේරූට් වරායේ ගොඩනැගිලි රැසක් විනාශවී ගොස් ඇති අතර පිපිරිම සිදුවු ආසන්නයේ පිහිටි ස්ථානයේ නතර කර තිබු ඇතැම් වාහන තට්ටු තුනක් ඉහළ ගොඩනැගිලිවල වහල මත පතිත තිබු බවයි අල් ජසිරා වෙබ් අඩවිය වාර්තා කර සිටියේ. 

එරට වේලාවෙන් අද සවස 6.30 ට පමණ මෙම පිපිරිම සිදුව ඇති අතර පිපිරීමේ කම්පනය කිලෝමීටර් සියගණනක් දුරට විහිදී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ. 

පිපිරීමේ ප්‍රබලත්වයත් සමග ඇතිවූ කම්පනය හේතුවෙන් කිලෝමීටර් ගණනාවක් දුරින් පිහිටි ගොඩනැගිලි හා නිවාසවල විදුරු ආදිය බිඳී ගොස් ඇති අතර ඒ හේතුවෙන් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායලය සඳහන් කර සිටියේ මෙම පිපිරීමෙන් සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.