Tuesday, April 23, 2024

General line - 0115112241

මැතිව්ස්ට අර්ධ ශතකය අහිමි වෙයි




ඕස්ටේ‍්‍රලියාට එරෙහි දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිය දෙවන ඉනිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 143ක් රැස්කර සිටියා.

අර්ධ ශතකයට ආසන්නව සිටි නායක ඇන්ජලෝ මැතිව්ස් නේතන් ලියොන් යැවූ පන්දුවක් හමුවේ ලකුණු 47කට දැවී ගියා.

කුසල් ජනිත් ලකුණු 35යි. ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම ඕස්ටේ‍්‍රලියාවට වඩා තවත් කඩුලු 4ක් අතැතිව ලකුණු 318ක් ඉදිරියෙන් සිටිනවා.

ශී‍්‍ර ලංකා පළමු ඉනිම ලකුණු 281කට සීමා වුණා. ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පළමු ඉනිමට රැස්කළේ ලකුණු 106ක් පමණයි.

ගාල්ල අන්තර් ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී තරගය පැවැත්වෙනවා.