Saturday, April 20, 2024

General line - 0115112241

මැතිවරණ නීති කඩකළ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට පොලිසියෙන් පියවර




මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත විජේසූරිය පැවසුවේ, පූර්ව මැතිවරණ සමය තුළ වාර්තා වූ සිද්ධීන්වලට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට යොමුකරන සැකකරුවන්ගේ තොරතුරු නීතිපතිවරයා වෙත යොමු කිරීමට අදාළ පොලිස් කොට්ඨාස මගින් පියවර ගෙන ඇති බවයි. 

ඡන්ද ප‍්‍රථිඵල නිකුත් වූ දින සිට සතියක් ගත වන තුරු මැතිවරණ පෙළපාලි යාම හෝ රැස්වීම් පැවැත්වීම තහනම් වන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.