Tuesday, April 16, 2024

General line - 0115112241

එජාපයේ ඉහළම ජය ගාල්ලෙන්




පසුගිය මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත පරාජයක් අත් වූවා. කෙසේ වෙතත් දැවැන්ත පරාජය හමුවේ එජාපය ගෞරවය යම්තරමක් හෝ දුරට ආරක්ෂා වූයේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි.

ඒ අනුව පසුගිය මහමැතිවරණයේ එජාපයේ සියලූම දිස්ත්‍රික්කයන්ගෙන් ඉහළම ප්‍රතිශතය ලබා ගෙන ඇත්තේ ගාල්ලෙනි. එය 3.11%කි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් එජාපය ලැබූ ඡන්ද ගණන 18,968 කි. මෙය කොළඹ, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක හැරුණු විට දිස්ත්‍රික්කයකින් ලබා ගත් වැඩිම ඡන්ද ගණනයි. තවද ගම්පහ, කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලින් ප්‍රතිශතයක් ලෙස ලබා ඇත්තේ 2.8%කට වඩා අඩුවෙනි.

සමගි ජනබලවේගය කොළබ, ගම්පහ සහ කුරුණෑගල පිළිවෙලින් 32.73%, 23.27%, සහ 25.21% ලෙස ප්‍රතිශතයන් වාර්තා කර තිබුනත් ගාල්ලේදි ඔවුන්ගේ ප්‍රතිශතය 18.93%කට සීමා කිරීමට එජාපය සමත්ව තිබේ. 

ගාල්ල දිස්ත්‍රික්කයේ මෙලෙස එජාපය ඉහළ ප්‍රතිශතයක් ලබා ගෙන ඇත්තේ එජාපය තුල කිසිඳු තනතුරක් නොමැතිවය.