Tuesday, April 23, 2024

General line - 0115112241

පොහොට්ටුවේ ජයග්‍රහණයට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ නෙස්බි සාමිගෙන් සුභ පැතුම්




ශී‍්‍ර ලංකාවේ මෙවර මහ මැතිවරණය සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබිඹු කරන විශිෂ්ට ප‍්‍රථිඵලයක් ගෙන දුන් මහ මැතිවරණයක් බව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ උත්තරීතර ස්වාමි මන්තී‍්‍ර මණ්ඩලයේ නියෝජිත නෙස්බි සාමි පවසනවා. 

ඔහු සඳහන් කළේ ශී‍්‍ර ලංකාවේ පැරණි පක්ෂයන් වන එක්සත් ජාතික පක්ෂයේ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තීන් ඉතිහාසයට එක් කිරීමට මැතිවරණ ප‍්‍රථිඵලය සමත්ව ඇති බවයි. වර්තමාන පාර්ලිමේන්තුවේ ආධිපත්‍ය දැරීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ, කුඩා වුව ද නව විපක්ෂය වන සමගි ජනබලවේගය සමත්ව ඇති බව ද නෙස්බි සාමි පෙන්වා දී තිබෙනවා. 

මෙය ශී‍්‍ර ලංකාවේ නව යුගයක උදාවක් බව ද, දෙමළ ඊළාම් නිදහස් ව්‍යාපාරයක් පිළිබ`ද අදහසක් කිසිවෙකුට තිබේ නම් එම අදහස අවසන් කිරීමට මෙම නව පිබිදීම සමත්ව ඇති බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

ශී‍්‍ර ලංකාවේ නව මුහුණුවර තේරුම් ගැනීමට බටහිර රටවලට දැන් අවස්ථාව එළඹ ඇති බවයි බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ උත්තරීතර ස්වාමි මන්තී‍්‍ර මණ්ඩලයේ නියෝජිත නෙස්බි සාමි පවසන්නේ. බටහිර රටවල හෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මැදිහත්වීමකින් තොරව ශී‍්‍ර ලංකාවට ප‍්‍රතිසන්ධානය වීමට සහ යථාර්ථවාදී වීමට ඉඩ ලබා දිය යුතු බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

කෝවිඞ් 19 වසංගත තත්ත්වයක් පවතින සමයක වුවද, ප‍්‍රචණ්ඩත්වයකින් තොරව සාමකාමී අයුරින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ සෙසු පාර්ලිමේන්තු සභිකයින්ට සුබ පැතුම් එක් කරන බවයි නෙස්බි සාමි වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.