Thursday, March 28, 2024

General line - 0115112241

ධනංජයගේ වේගවත් ඉනිම නිමා වෙයි




ඕස්ටේ‍්‍රලියාවට එරෙහි දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිය දෙවන ඉනිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලු 7ක් දැවී ලකුණු 192ක් රැස්කර සිටියා.

වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ ධනංජය ද සිල්වා පන්දු 48ක් තුළ ලකුණු 34ක් රැස්කළා. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47 ක් හා කුසල් ජනිත් ලකුණු 35ක් ලබාගැනීමට සමත් වුණා.

ශී‍්‍ර ලංකාව පළමු ඉනිමට ලකුණු 281ක් රැස්කළ අතර ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පළමු ඉනිමට රැස්කළේ ලකුණු 106ක් පමණයි. ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම ඕස්ටේ‍්‍රලියාවට වඩා තවත් කඩුලු 3ක් අතැතිව ලකුණු 367ක් ඉදිරියෙන් සිටිනවා.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල අන්තර් ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි.