Saturday, April 20, 2024

General line - 0115112241

ඓතිහාසික ජයක් ලැබූ අගමැති මහින්ද කැළණි පුදබිමේදි දිවුරුම් දෙයි




මහමැතිවරණයෙන් ඓතිහාසික ජයග‍්‍රහණයක් ලබාගත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ සුබ මොහොතින් දිව්රුම් දීමට නියමිතව තිබෙනවා. 

ඒ, ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේදීයි. ශී‍්‍ර ලංකාවේ 14 වන අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද දිව්රුම් දෙන්නේ සිය බාල සොහොයුරා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේයි.  නව අග‍්‍රාමාත්‍යවරයා දිව්රුම් දීමේ එම උත්සවයට මහා සංඝරත්නය ප‍්‍රමුඛ ආගමික නායකයින්, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ සභිකයින්, රාජ තාන්ති‍්‍රක නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතයි. 

මේ, නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දෙන මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳ නෙත් නිවුස් තබන සටහනක්. 

මේ අතර, නව අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දීම එළඹෙන 14 වනදා මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේ ඓතිහාසික මගුල් මඩුවේදී සිදු කිරීමට නියමිතයි.