Friday, April 19, 2024

General line - 0115112241

airasia මත්තලට ගුවන් ගමන් ආරම්භ කරයි

ටී කේ ජී කපිල




ගාස්තු අඩු ලොව ප්‍රමුඛතම ගුවන් සේවා සමාගමක් වන පිලිපීනයේ එයා ඒෂියා ගුවන් සමාගම පළමු වරට මත්තල ගුවන් තොටුපළ වෙත සිය ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අද (09) දින දහවල් 1.30 ට ගාල්ල වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සඳහා පිලිපීන ජාතික මුහුදු නාවිකයන් 11 දෙනෙකු රැගෙන පිලිපීනයේ මැනිලා නුවර සිට මෙම ගුවන් සේවයේ ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණියා.

එසේම මෙම ගුවන් යානය ගාල්ල වරායේ සේවය නිමා කළ තවත් පිලිපීන ජාතික මුහුදු නාවිකයන් 14 දෙනෙකු රැගෙන හෙට (10) දින පිලිපීනයේ මැනිලා නුවර බලා මත්තල ගුවන් තොටුපළෙන් පිටත්ව යෑමට නියමිතයි.