Saturday, April 20, 2024

General line - 0115112241

හොරණ ෆේස්බුක් සාදයක් පොලීසියෙන් වටලයි




හොරණ මිල්ලණිය ප‍්‍රදේශයේ පැවති ෆේස්බුක් සාදයක් පැවැත්වූ ස්ථානයක් කළුතර දිසා දූෂණ මර්දන වැටලීම් ඒකකය මගින් ඊයේ පස්වරුවේ වටලා තිබෙනවා. 

එහිදී සැකකරුවන් 14 ක් සහ සැකකාරියන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. සැකකරුවන් සතුව තිබ හෙරොයින් ග‍්‍රෑම් 2 යි මිලිග‍්‍රෑම් 465 ක් ගංජා ග‍්‍රෑම් 13 ක් සහ මත්පෙති 05 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරගම, මැල්ලමුල්ල, දෙහිවල, පානදුර සහ හොරණ ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි අනාවරණ වී ඇත්තේ.