Thursday, April 25, 2024

General line - 0115112241

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක්




පුරාවිද්‍යා වටිනාකමක් සහිත කුරුණෑගල බුවනෙක හෝටලය කඩා බිඳ දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටින කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු 05 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලිසිය පවසනවා. 

නෙත් නිවුස් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ස`දහා ඔවුන් සිටින බවට සැක කරන ස්ථාන කිහිපයක් පොලිසිය විසින් සෝදිසි කළ ද ඔවුන් එම ස්ථානවල නොසිටි බවයි.

කුරුණෑගල බුවනෙක හෝටලය කඩා බිඳ දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට ලබාදුන් නියෝගයකට අනුව, කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය ඊට අදාළ වරෙන්තුව නිකුත් කර තිබෙනවා.