Saturday, April 20, 2024

General line - 0115112241

කුරුණෑගල නගරාධිපති ඇතුළු පස් දෙනාට රටින් පිටව යෑම තහනම් කරමින් අධිකරණ නියෝගයක්




කුරුණෑගල බුවනෙකභාහු රාජ සභාවේ ගොඩනැගිල්ලට හානිකිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කොට ඇති කුරුණෑගල නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු සිව්දෙනාට රටින් පිටව යෑම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කොට තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කලේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය අද නිකුත් කළ බවයි.

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේ අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරිමට කුරුණෑගල පොලිසිය අපොහොසත්ව ඇති බවයි. මෙහිදී පොලිසියේ ක්‍රියා කළාපය සම්බන්ධයෙන් නීතිපතිවරයා ගේ දැඩි දෝෂාරෝපණයට ලක්විය.

ඒ අනුව කුරුණෑගල පොලිසිය වරෙන්තුව ක්‍රියාත්මක කිරිම අපොහොසත් වීම නිසා එම වරෙන්තුව ක්‍රියාත්මක කරන්නැයි අධිකරණය විසින් වැඩබලන පොලිස්පතිවරයා, කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ කුරුණෑගල පොලිස් අධිකාරිවරයාට නියෝග නිකුත් කරන ලදීයි.