Thursday, April 18, 2024

General line - 0115112241

අග‍්‍රාමාත්‍ය ලේකම් ලෙස ගාමිණී සෙනරත් යළි පත් කෙරේ




අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ගාමිණී සේදර සෙනරත් යළි පත්කර තිබෙනවා. ඔහු සිය පත්වීම් ලිපිය අද පෙරවරුවේ ජනාධිපති කාර්යයාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් භාරගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

වත්මන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය හෙබවූ කාල සීමාවේ ජනාධිපති අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප‍්‍රධානී වශයෙන් සේවය කළ ගාමිණී සෙනරත්, පසුගිය වසරේ නොවැම්බර් 21 වනදා මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධූරයට පත් වීමෙන් පසු අග‍්‍රාමාත්‍ය ලේකම් ධූරයට පළමු වරට පත් කෙරුණා.